Tuesday, February 17, 2009

අපේ ජනප්රියම ක්රීඩාව සහ එහි අනාගතය

අපේ ජනප්රියම ක්රිඩාව ක්රිකට්. ඒක ඕනෙම කෙනෙක් දන්නා සරළ දෙයක්. 1996 ලෝක කුසලානෙ දිනුවට පස්සේ එම ජනප්රියත්වය තවත් වැඩි වුනා. කොටින්ම කියනවානම් ක්රිකට් සාමාන්ය ජනතාව ඉතා තදින් වැළද ගත්තා. ඒක අතීතය.
දැං වර්ථමානෙදි මොකක්ද වෙන්නේ? අපේ බිමේදිම අපි ඉන්දියාවට පැරදුනා. මම මේක ලියන්නේ පරාජය ගැන විචාර දෙන්න නෙමෙයි. හිතේ තියෙන වේදනාවට. කාසියේ වාසිය ඉදලම අපි පැරදුනා. අන්තිම ප්රතිඵලය වුනේ තරග 5න් 4ක්ම ඉන්දියාව දිනපු එක. 2008 ආසියානු කුසලානෙන් පස්සේ අපේ දක්ෂතා හැම පැත්තෙන්ම වැටුණා. බංගලාදේෂයට ගහුවෙත් හරිම අමාරුවෙන්. පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම කියන මේ 3ම අන්තිම දුර්වල වුණා.
නායකත්වෙන් ජයවර්ධන ඉවත් වෙන්න තීරණය කළා. වර්ථමාන පකිස්ථාන සංචාරෙන් පස්සෙ අලුත් නායකත්වයක් එයි. ඒත් ප්රශ්නෙ තියෙන්නේ නායකත්වෙද? කණ්ඩායම ඇතුලෙද? නැත්තම් පාලක මණ්ඩලෙද? ප්රශ්නෙ කොතන වුනත් අන්තිමට වෙන්නේ තරග පරදින එක නම් ඒකට කඩිනම් විසදුමක් අවශයයි. නැත්තම් අන්තිමට වෙන්නේ අමාරුවෙන් හදාගත්ත තැන නැත්තටම නැති වෙන එක තමයි.

1 comment: